Header Ads

ad728
  • Breaking News

    මොකක්ද මේ Mobile Communication Technology කියන්නෙ?

    අද මම ඔයාලට කියන්න යන්නෙ Mobile Communication Technology එක ගැන ඒ තේරෙන්නෙ නැත්තන් මෙහෙම කියමු 2G,3G,4G කිව්වම හැමෝටම තේරෙනව අද මම කතා කරන්න යන්නෙ මොකක්ද කියල දැනට ඇවිල්ල සහ එන්න තියෙන්නෙ මෙන්න මේ පහල තියන Generations අපි බලමු මේ මොනවද කියල,
    01. 1G
    02. 2G
    03. 2.5
    04. 3G
    05. 3.5G
    06. 3.75G
    07. 4G
    08. 4.5G
    09. 5G
    ඉතින් අපි 3G කියන එක ගමු.මොකක්ද මේ 3G කියන එකෙන් අදහස් වෙන්නෙ? 3G කියල මෙතනින් අදහස් වෙන්නෙ Wireless Communication Technology එකේ 3වන Generation එක කියන එකයි 3G කියන්නෙ.මම මෙතනින් එහාට මේක කියන්නෙ නෑ මොකද ඊට පරථමව මෙහි ඉතිහාසයගැන දැනගමු…
    මෙහි ඉතිහාසය ගත්තම මිනිසුන් සීඝ්රයෙන් දියුනුවෙලා ටෙලිෆෝන් එක හොයාගත්තට පස්සෙ ඉතා ඉක්මනින් එකිනෙකා අතර සබඳතා පවත්වා ගත්තා මේවා Communicate කරගත්තෙ වයර් මගින්.ඉතින් යුදමය කටයුතුවලදි වයර් සම්බන්ධ කරගෙන දුරකථන ගෙනයාමට නොහැකිනිසා Wireless Technology එක ගැන මිනිසුන්ගේ අවධානය යොමුවුනා ඉනපසු මෙයාල කොහොමහරි 1980 වනවිට සාමාන්ය මිනිසුන්ට මෙම නව තාක්ෂණය භාවිතා කිරීමට පහසුකම් සැලසුවා…
    Wireless Technology එකේ පලවෙනියට ආවෙ 1G කියන Technology එක.දැන් එතකොට රැහැන් නැතුව මේවා භාවිතාකලේ කොහොමද කියන එක මතුවන ගැටලුවක් මම ඒක පැහැදිලිකරන්නම් ඒක වෙන්නෙ මෙහෙමයි එක්තරා Tower එකකින් නිකුත්කරන Signel Broadcast කරල සෙලියුලර් පෝන් එකකට දෙනව එතකොට තමයි අපට කතාකරන්න පුලුවන් වෙන්නෙ මේ 1G කියන 1St Generation එක රට රටවල්වල වෙන වෙනම තමයි Network Deverlop කරන්න ගත්තෙ ඒනිසා මේ Technology අඩුපාඩු ගොඩක් මතුවෙන්න පටන්ගත්ත එකක් මේව අවෙ Analog Systerm එකෙන් ඒවගේම ආරක්ෂාවත් ගොඩක් අඩුයි ඒකියන්නෙ එක්කෙනෙක් කතාකරන එකක් හොරාට තව කෙනෙක් අහගෙන ඉන්න පුලුවන්.BIT Rate එකත් ගොඩක් Slow නිසා කතා කරන දේවල් පැහැදිලිත් නෑ.ඒ වගේම අපේ පෝන් එක වෙන රටකට ගිහින් Call ගන්නත් බෑ අන්න ඒ දේවල් නිසා Service Providers ල තීරනය කලා 1G වලට සමුදෙන්න...
    ඉන්පසු 2G කියන 2nd Generation කියන Wireless Technology එක නිකුත් කලා 1988 ඉදල Deverlope කරල 1991දී 2G මුලු ලෝකයටම භාවිතාකිරීමට පහසුකම් සැලසුවා මේක 1G එක්ක ගත්තම 1G වලට වඩා ලොකු Bit Rate එකක් තියනව වගේම Siqurity එකත් එහෙම වැඩි කරල Romming කියන පහසුකම ප්රථම මවරට ලබා දුන්නා.ඒ කියන්නෙ රටවල් වලට ගිහින් අපේ පෝන් එක 1Gවලට Call ගැනීමේ පහසුකම තිබුනෙ නෑ ඉතින් මේ 2G [2nd Generation] වලදි ඒ පහසුකමත් ලැබුන.ඒ වගේම තාමත් නැතුවම බැරි SMS සේවාවත් හදුන්වා දුන්නෙ 2G වලදිම තමයි.තවත් ලැබුන දෙයක් තමයි 2G වලදි Internet පහසුකම [තත්පරයට 9.6Kbps] තවබැලුවම Gps පහසුකමත් හම්බුනා ඒකියන්නෙ අපි මේලෝකෙ කොහෙද ඉන්නෙ කියල බලන්න පුලුවන්.කොහොම උනත් මේ 2G කියන එකත් මිනිසුන්ට මදිඋනා DATA අවශ්යතාවය තදින්ම දැනුන නිසා.ඒනිසා Service Providerල තීරනය කලා 2G වල ඉදල 2.5G කියන Generation එකට Upadate කරන්න.[2016 Release උන Nokia 230 දුරකථනයද 2.5G වලින් තමයි Internet පහසුකම ලැබුනෙ.]Gprs කියන Technology එකත් මේ 2G එක්කම ආව.1995දි අපට තත්පරයට 160Kbps Download Speed එකකින් දෙයක් Download කරගන්න පහසුකමත් ලැබුන.
    ඔහොම යනකොට 3G වලට කලින් තව එකක් Service Providerල විසින් හදුන්වා දුන්න ඒතමයි 2.75G කියන්නෙ .එමගින් අපිට 217Kbps Rate එකකින් ෆ්යිල් එකක් බාගන්න පුලුවන් උනා.ඉතින් කලින් වගේම මිනිසුන්ට මේකියන 2.75G එකත් ප්රමානවත් මදි උනා.ඔන්න එතකොට 3වන පරම්පරාව ඒකියන්නෙ 3G[3rd Generation] එකටත් Service Providerල Update කරා 2000 අවුරුද්දෙ තමයි 3G කියන දෙය ලෝකයට හදුන්වා දුන්නෙ ඉතින් මේකෙ WCDMA කියන Standerd එක තමයි 90%ක්ම භාවිතා කලේ.මේකෙදි තත්පරයට 384Kbps Speed එකකින් Data Download කිරීමට හැකියාව ලැබුන.කලින් කිව්ව වගේම මේකත් Service Providerල විසින් 3G වලට Uptate කරා මේකෙදි WCDMA කියන එකටම HSPA,HSPA+ වශයෙන් ඇඩෝන් එකතු කලා.මේකත් 3.75G වලට Service Providerල Update කලා ඉතින් මේවගෙ ඉදල 2007වන තෙක් HSPA කියන එක දියුනුවෙලා අපට තත්පරයට 28Mbps Download Rating එකක් ලැබුනා මෙහි Siqurity එක එහෙම 3.5G ඉදන් ලොකු වැඩිවීමක් උනා.තව 3.5G වලින් පස්සෙ අපි BIT එකක් සදහා ගෙවිය යුතු මුදලද අඩු වුනා ඉතින් මෙමගින් මේවගේ ගොඩක් පහසුකම් ලැබුනා 
    2011 දී 4th Generation ඒ කියන්නෙ 4G එකත් හදුන්වා දෙනු ලැබුවා Service Providersල විසින් මෙහි LTE හා Ymax කියල කොටස් 2ක් හදුන්වා දෙනු ලැබුවා.4G LTE කියන්නෙ අපි පෙර භාවිතා කල 3G Generation එකේ Long Term Evolution කියන එකයි.ඉතින් මේකෙදි අපිට 100Mbps Download Speed එකක් ලැබුන.4G වලින් පස්සෙ කලින් කිව්ව 3.5G වගේම 4.5G එකකුත් රිලීස් කරගෙන යනව ඉතින් 4.5G එකේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 1Gbps ඒකියන්නෙ තත්පරයකට 125MB Download කරගැනීමේ හැකියාවක් තියෙනවා අපිට තත්පර 16ක් ඇතුලත 2GB File එකක් ගන්න පුලුවන් දැන් එතකොට වේගෙ ගැන හිතාගන්න පුලුවන්නෙ [මේ Speed එක Network භාවිතා කරන්නන් වැඩිවෙනවාත් සමගම වෙනස් විය හැක] ඉතින් මේකත් ආවට පස්සෙ 5G එන්න තියෙන්නෙ.එහෙනම් ලිපිය කියෙව්වට ස්තූතියි Comment එකක් දාල අපට සප් එකකුත් දෙන්න මොනව හරි මේ ලිපියෙන් ඉගෙන ගත්තනම් 

     ***Written By:- Ánuja Kalhara (TranceAddict)***
    ««« යාවත්කාලීන වන ලෝකයට නව තාක්ෂණය සමඟ ඉදිරියට »»»
    Join With Facebook

    No comments

    Post Top Ad

    ad728